කැලණියෙන් නැගී එන නළුවෝ

අගෝස්තු 17th, 2017

සජිත අනුත්තර ඇන්තනි

2017 07 20 ent 139

මෙවර 13වන රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා ඒකකයේ නාට්‍ය හා රංග කලා ශාස්ත්‍ර‍වේදී (විශේෂ) විද්‍යාර්ථයෙකු වන සජිත අනුත්තරයි.

ඔහු ප්‍රවීණ නළු, චිත්‍රපට අධ්‍යක්ෂ පැක්සන් ඇන්තනී මහතාගේ හා ගායන ශීල්පිනී කුමාරී මුණසිංහගේ බාල පුත්‍රයාය.

ස්වර්ණවාහිනීයේ විකාශය වූ “බොහිමියානුවා” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි විය.
“සූරිය අරණ, අබා” වැනි චිත්‍රපට හරහා රංගන කේෂ්ත්‍රයට පිවිසෙන සජිත අනුත්තර වේදිකා නාට්‍ය රංගනයට ද අවතීර්ණ වී සිටි. ඔහු රාජ්‍ය සම්මානලාභී ප්‍රියංකර රත්නායකයන්ගේ “ප්‍රේමවන්ත කුමාරයෝ”, අඛිල සපුමල්ගේ “ගිරිකූට කාශ්‍යප” යන නාට්‍යවල රංගනයෙන් දායක වෙයි.

“ස්වර්ණපාලියේ” නම් වන තම නව ගීත නිර්මාණය එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත අනුත්තර, ගායනය, නර්තනය, වාදන කේෂ්ත්‍රයේ ද විශිෂ්ටතා දක්වන්නෙකි. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල “ප්‍රේමවන්ත කුමාරයෝ”හි රංගනය වෙනුවෙන් කුසලතා සහතිකයක් ලද සජිත හොඳම නළුවා සඳහා නිර්දේශ විමද විශේෂත්වයකි. ගිරිකූට කාශ්‍යප නාට්‍යය ද මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කළේය.

අගෝස්තු 25 දින එළි දකින රාජිත දිසානායකගේ “මට වෙඩි තියන්නැද්ද” නාට්‍යයේ නව නිර්මාණයයේ පුහුණු කටයුතු වල නිරත වී සිටින සජිත අනුත්තර ලාංකීය කලා කේෂ්ත්‍රයට එකතුවන විද්‍යාලංකාර පරපුරේ විශිෂ්ටයකි.

Screenshot 2016 10 16 09 800x523

ඉෂාර වික්‍රමසිංහ

sara 12 29 ishara 1

රොඩ්නි විදානපතිරණගේ “ඉර සේවය” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2016 වසරේ පැවති සරසවි සම්මාන උ‍ලෙළේ “හොඳම නවක නළුවා” ලෙස සම්මානයට පාත්‍ර වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා ඒකකයේ නාට්‍ය හා රංග කලා ශාස්ත්‍ර‍වේදී (විශේෂ) විද්‍යාර්ථයෙකු වන ඉෂාර වික්‍රමසිංහයි.

කුඩා කළ සිට රංගනයට ඇළුම්කමක් දැක් වූ ඉෂාර වික්‍රමසිංහ මුලින්ම ජයලත් මනෝරත්නයන්ගේ “තල මල පිපිලා” , “ගුරු තරුව”, ලූෂන් බුලත්සිංහලයන්ගේ “තාරාවෝ ඉගිලෙති”, ධර්මසිරි බණ්ඩාරනායකගේ “ධවල භීෂණ, මකරාක්ෂයා”, බන්දුල විතානගේ “රෝමය ගිනි ගනී 2” , තුමිදු දොඩන්තැන්නගේ “අරුන්දතී”, අඛිල සපුමල්ගේ “බැකී”, ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ “උමතුසං වර්ෂා” ආදී ප්‍රවීණයන් රැසකගේ වේදිකා නාට්‍යයන් සඳහා රංගන ශිල්පියෙකු ලෙස සහභාගී වී තිබේ.

එපමණක් නොව ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයේ ජයලත් මනෝරත්නයන්ගේ “තාත්තේ අපි ආවා, මහපොළොව අපි නොවෙයි”, දී.ග. සෝමපාලයන්ගේ “සඳවතක වරුණ” යන දිගු නාට්‍ය හා කේ.බී. හේරත්ගේ “කුරුළු පාළුව” , දයාරත්න රටගෙදරයන්ගේ “පොඩි හාමුදුරුවෝ” , රංග බණ්ඩාරනායකයන්ගේ “මුනුබුරාණෝ” ඇතුළු ඒකාංගික නාට්‍ය වලත් රංජිත් බාලසුරියන්ගේ “ගී රඟ සොබා”, නිශ්ශංක දිද්දෙණියන්ගේ “සුරඟ පුවත”, යන නිර්මාණවලත් රංගනයෙන් දායක වී ඇත.

රංගන ශීල්පියෙකු පමණක් නොව මේ දිනවල දෙරණ රූපවාහිනියේ තිරගත වනු ලබන “සඳහටම ඔබ මගේ” ටෙලි නාට්‍යයේ චිරාග්ගේ චරිතයට හඬ කැවීම හා “ස්වප්නා” ටෙලි නාට්‍යයේ වික්‍රම්ගේ චරිතයට හඬ කවනු ලබන්නේත් ඉෂාර වික්‍රමසිංහය.

මීට පෙර ද සම්මානයට පාත්‍ර වී ඇති මොහු 2004 වර්ෂයේ රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී හොඳම ළමා නළුවා ලෙස නිර්දේශ වී ඇත. 2015 වර්ෂයේ අඛිල සපුමල්ගේ “හිනාවෙලා මිනිත්තුවක්” වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් යෞවන සම්මාන උලෙළේ දී හොඳම නළුවා ලෙස ද පිදුම් ලබා ඇත.

රංගන ශිල්පියෙකු, හඬ කැවීම් ශිල්පියෙකු වන ඉෂාර වික්‍රමසිංහ තමා රඟපෑ පළමු චිත්‍රපටය වන ඉර සේවය චිත්‍රපටය සඳහා හොඳම නැගී එන නළුවා සම්මානය දිනා ගැනීම කැලණිය සරසවිය ආඩම්බරයෙන් සිහිපත් කරයි.

ishara02 800x550
AAEAAQAAAAAAAAjiAAAAJGU4YzczY2VmLWFkOTktNGM4OC1iNmFjLTIwZjYwNTMzMDY3Yw