උපකුලපති හමුවක්

අගෝස්තු 29th, 2017

චීනයේ ජාත්‍යන්තර කොන්ෆියුසියස් දර්ශනය පිළිබඳ පර්යේෂණ ආයතනයේ ලේකම් නියු ෂිජින් මහතා ඇතුළු නියෝජිත පිරිස හා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා අතර හමුවක් අගෝස්තු මස 24 වන දින උපකුලපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලය හා චීනයේ ජාත්‍යන්තර කොන්ෆියුසියස් දර්ශනය පිළිබඳ පර්යේෂණ ආයතනය එක්ව ජාත්‍යන්තර පරිසංවාදයක් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

චීනයේ චිං හා හන් අධිරාජ්‍ය යුගවල සිට පැවත එන මුහුදුබඩ සේද මාවත , මහද්වීප සේද මාවත මෙන්ම ආසියානු, අප්‍රිකානු හා යුරෝපා ආර්ථික, දේශපාලන හා සංස්කෘතික හුවමාරු සිදු කිරීමට දායක වී ඇත. එමෙන්ම සේද මාවතට අදාළ රටවල්වල පොදු ඉගැනුම් ඒකාබද්ධ සංවර්ධන කටයුතු ද මේ හරහා දියත් කර ඇත. සේද මාවත සම්බන්ධ ඵෙතිහාසික කරුණු අධ්‍යයනය හා සාරංශගත කිරීම මෙන්ම 21 වන සියවසෙහි ඉදිවෙමින් පවතින “එකම තීරයක් එකම මාවතක්” සඳහා සහයෝගය පළ කිරීමේ අරමුණින් “ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධ අධ්‍යයන හා සංස්කෘතික ආයතන හා සම්බන්ධ වී මුහුදුබඩ සේද මාවතින් ඵෙතිහාසික හුවමාරුව හා ආසියානු අප්‍රිකානු හා යුරෝපා ශිෂ්ටාචාර අතර පොදු ඉගෙනුම්” යන තේමාව යටතේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඔ දී පැවැත්වීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රධාන වශයෙන් මුහුදුබඩ සේද මාවතට සම්බන්ධ ගිනිකොන දිග ආසියාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, බටහිර ආසියාව, උතුරු අප්‍රිකාව, දකුණු යුරෝපීය රටවල විද්වතුන්හට ආරාධනා කිරීමට නියමිතය. මීට අමතරව සේද මාවත ඉතිහාසයට සම්බන්ධ අනෙකුත් රටවල් හා කලාපයන් ද සම්බන්ධ කර ගැනීමට නියමිතය.
මෙම සාකච්ඡාවට කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක, සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති පුඡ්‍ය මල්වානේ චන්දරතන හිමි, මහාචාර්ය එම්.ඒ. නිමල් කරුණාරත්න, ඉංශ්‍රීසි ඉගැන්වීමේ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂි රණවීර, නූතන භාෂා අධ්‍යයන අංශයේ ආචාර්ය කුමාරි ප්‍රියංකා ජයසුරිය මැණිකේ, ලේඛකාධිකාරී ඩබ්ලිව්.එම්. කරුණාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.