“Pattern Recognition and Machine Learning” පිළිබඳ දෙදින ආරාධිත වැඩමුළුව

සැප්තැම්බර් 7th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයේ කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන ලද “Pattern Recognition and Machine Learning” පිළිබඳ දෙදින ආරාධිත වැඩමුළුව 2017 සැප්තැම්බර් මස 06 හා 07 යන දිනවල විද්‍යාපීඨයේ කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශයේ දී පැවැත්විණි.
Machine Learning, Image Processing, Deep Learning ආදිය පිළිබඳව ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම සඳහා වූ මෙම වැඩමුළුවෙන් Python වැනි පරිගණක භාෂාවන් සහ Tensurflow වැනි මෘදුකාංග භාවිතය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම සිදු විය.
පෞද්ගලික අංශයේ හා විශ්වවිද්‍යාලවල වෘත්තිකයන් ඉලක්ක කරගෙන මෙම වැඩමුළුවට ජපානයේ RIKEN INSTITUTE හි පර්යේෂක ආචාර්ය චමිදු අටුපැලගේ, විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට කර්මාන්ත හා පරිපාලන අධ්‍යයන අංශයේ ආචාර්ය චතුර රාජපක්ෂ, ආචාර්ය සුරේන් පීටර්, ආචාර්ය ඩිලානි වික්‍රමාරච්චි, ආචාර්ය ශාන්ත ජයලාල් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්යමණ්ඩලය හා පෞද්ගලික අංශයේ හා විශ්වවිද්‍යාලවල වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.