(English) Calling Application for Higher Diploma in Trilingual Studies 2017/2019

සැප්තැම්බර් 11th, 2017

unilogo
කැලණිය විශ්වවිද්‍යාලය
මානව ශාස්ත‍්‍ර පීඨය – වාග්විද්‍යා අංශය

ත‍්‍රිභාෂා අධ්‍යයන උසස් ඩිප්ලෝමා පාඨමාලාව
2017/2019 සඳහා අයදුම්පත් කැඳවීම

ඉහත සඳහන් පාඨමාලාවෙහි අපේක්‍ෂකයන් ලියාපදිංචි කිරීම සඳහා 2017.09.11 සිට 2017.10.09 දින දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශයෙන් අයදුම්පත් නිකුත් කරනු ලැබේ.

ප‍්‍රථම භාෂාවෙහි (සිංහල/දෙමළ* ලේඛන ව්‍යවහාරය පිළිබඳ නිපුණත්වයක් ලබා දීමටත් දෙවන භාෂාවක් ලෙස සිංහල හෝ දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා පිළිබඳ කථන හා ලේඛනය පිළිබඳ මනා හැකියාවක් ලබා දීමටත් එකී භාෂා පරිවර්තනය සහ භාෂා ඉගැන්වීම පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමටත් මෙම පාඨමාලාවෙන් අපේක්‍ෂා කෙරේ.

කාලය : අධ්‍යයන වසර දෙකකි (ඉරිදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව.4.00 දක්වා දේශන පැවැත්වේ*

පාඨමාලා ගාස්තුව : රු. 82,500/= කි. (රුපියල් අසූ දෙදහස් පන්සීයකි)
(ඇතුළත්වීමේදී රු. 42,500.00ක් ගෙවා ලියාපදිංචි විය යුතු අතර මුල් සය මස ඇතුළත ඉතිරි වාරික දෙක රු. 20,000.00 බැගින් ගෙවිය යුතුය.

අවම සුදුසුකම් : අ.පො. ස. (උසස් පෙළ) විෂයයන් තුනකින් එකවර සමත්වීම හෝ විශ්වවිද්‍යාලය පිළිගන්නා වෙනත් විභාගයකින් සමත් වීම

පාඨමාලා ආරම්භය : 2017 දෙසැම්බර්

කැලණිය විශ්වවිද්‍යාලයේ අංක 055 -1- 001- 1- 0667549 දරන පුනරාවර්තන ගිණුමට බැර වන පරිදි අදාළ පාඨමාලාවේ නම සඳහන් කොට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට රු.750.00 ක් ගෙවා ලබාගත් රිසිට්පත වාග්්විද්‍යා අංශය වෙත යොමු කිරීමෙන් පාඨමාලා අයදුම්පත සහ විස්තර පති‍්‍රකාව ලබාගත හැකි ය. තැපැල් මගින් අයදුම්පත් ඉල්ලූම් කිරීමේ දී රු.10.00 ක් වටිනා මුද්දර ඇල වූල වම් කෙලවරෙහි පාඨමාලාවෙහි නම සඳහන් කරන ලද 9″x4″, ප‍්‍රමාණයේ ලියුම් කවරයක් අදාළ රිසිට් පත ද සමග පහත සඳහන් ලිපිනයට 2017. 10. 09 දිනට හෝ ඊට පෙර එවීමෙන් අයදුම්පත ලබාගත හැකිය.
www.kln.ac.lk වෙබ් අඩවියෙන් ද අදාළ අයදුම්පත් බාගත කළ හැකි ය. එසේ බාගත කළ අයදුම්පත් සමඟ ඉහත ගිණුම් අංකයට රු. 750.00 ක් ගෙවා ලබාගත් රිසිට්පත අමුණා එවිය යුතු ය. එසේ නොමැති අයදුම්පත් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

පාඨමාලාවන්හි ලියාපදිංචි වීම සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2017.10.23 දින හෝ ඊට පෙර ලැබෙන සේ අයදුම් කරන පාඨමාලාවෙහි නම කවරයේ ඉහළ වම් කෙලවරේ සඳහන් කොට සමායෝජකල ත‍්‍රිභාෂා අධ්‍යයන උසස් ඩිප්ලෝමා පාඨමාලාව, වාග්විද්‍යා අංශයල කැලණිය විශ්වවිද්‍යාලය කැලණිය යන ලිපිනයට ලියා පදිංචි තැපෑලෙන් එවිය යුතුය. අසම්පූර්ණ හෝ ප‍්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප‍්‍රතික්‍ෂේප විය හැකිය.

පාඨමාලාව සඳහා සුදුස්සන් සම්මුඛ පරීක්‍ෂණයකින් තෝරාගනු ඇත.

වැඩි විස්තර සඳහා පාඨමාලා සමායෝජකල වාග්විද්‍යා අංශය (K-2 116), කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය.

දුරකථන අංක: සම්බන්ධීකාරක – 071 326 5258 රැු 072 446 5384
කාර්යාලය – 011 290 8793 රැු 011 290 3668

ලේඛකාධිකාරී
කැලණිය විශ්වවිද්‍යාලය

 

Download ApplicationDownload Application