අරුණ ලොකුලියන රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

සැප්තැම්බර් 11th, 2017

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ හොඳම නිමාවෙන් හා පිටු සැකසුමෙන් යුත් ග්‍රන්ථය වෙනුවෙන් සම්මානය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතාට හිමි විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ 60 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී සැප්තැම්බර් මස 8 වන දින පැවැත්විණ.
අරුණ ලොකුලියන මහතාට මෙම සම්මානය හිමවූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.ඒම්.පී. කුලසේකර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය වන “සම්ප්‍රසාදන” කෘතියේ හොඳම නිමාව හා පිටු සැකසුම වෙනුවෙනි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා 2000 වසරේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ දී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ “ජන කියමන්” කෘතියේ පිට කවර නිර්මාණය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වී ඇත.
එමෙන්ම සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ සම්බන්ධීකාරක මංගල කිර්ති ද පැස්කුවල් මහතාගේ “සබරගමු ගැමි නාටකය” නම් කෘතිය වසරේ ශාස්ත්‍රීය හා පර්යේෂණ අවසන් වටයට නිර්දේශ වී තිබීමද විශේෂත්වයකි.