Special notice – Examinations of Certificate course in Modern Languages 2018

දැන්වීමයි.

පළාත් පාලන ආයතන ජන්දය ප‍්‍රකාශ කිරීමේ පහසුව පිණිස මැතිවරණ කොමිෂමේ සභාපති හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ සභාපති විසින් මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙත යොමු කරන ලද ලිපිවලට අනුව 2018 පෙබරවාරි 12 වන දින පැවැත්වීමට නියමිතව තිබූ නූතන භාෂා සහතික පරීක්ෂණ එදින නොපැවැත්වෙන බවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

එහෙත්, අනෙකුත් සියලූම නූතන භාෂා සහතික පරීක්ෂණ නියමිත පරිදි පැවැත්වෙන බව මෙයින් කාරුණිකව දන්වමි.
2018 පෙබරවාරි 12 දින පැවැත්වීමට තිබූ පරීක්ෂණය නැවත පැවැත්වෙන දිනය යථා කාලයේදී දැනුම් දෙන බවද වැඩි දුරටත් දන්වමි.

නියෝජ්‍ය ලේඛකාධිකාරී/විභාග
ලේඛකාධිකාරී වෙනුවට,