“Our Country, Our People” ඡායාරූප ප්‍රදර්ශනය

නොවැම්බර් 7th, 2018

කැලණිය විශ්වවිද්‍යාලයිය සමාජීය විද්‍යා පීඨයට අයත් දර්ශනය අධ්‍යයන අංශය යටතේ ක්‍රියාත්මක වන සාම සමාජය (Peace Club) විසින් පළමු වරට සංවිධානය කරන ලද “Our Country, Our People” ඡායාරූප ප්‍රදර්ශනය 2018 ඔක්තෝබර් මස 29 වැනි දින විශ්වවිද්‍යාලයීය කලාගාරයේදී පැවැත්විණි. මනුෂ්‍යත්වය පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනැංවීම හා ඒ ඔස්සේ පොදු සමාජය වෙනස් මඟකට ප්‍රවේශ කිරීමේ අරමුණෙන් පවත්වන ලද මෙම ප්‍රදර්ශනයේ “Exhibition for Dialogue, Dialogue for Action , Action for Change” යන තේමාවෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදි.

දර්ශන අධ්‍යයන අංශය විසින් සිදු කරනු ලබන සාමය හා ගැටුම් නිරාකරණය පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාව හදාරන විද්‍යාර්ථීන්ගේ කැමරා ඇසට හසු වූ ඡායාරූපවලින් සහිත මෙම ප්‍රදර්ශනය යුද්ධයෙන් ඇති වන පීඩාව සහ සාමයේ අවශ්‍යතාවය මතු කිරීමටත් ඒ ඔස්සේ සමානාත්මතාවය පිළිබඳ නව සමාජීයීය දැක්මක් ඇති කිරීමටත් සමත් සෞන්දර්යයාත්මක ඡායාරූප ගොන්නකින් සමන්විත විය.

නියෝජ්‍ය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අතින් මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලද අතර එම අවස්ථාවට දර්ශනය අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණීත මහතා ඇතුළු එම අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද සාමය හා ගැටුම් නිරාකරණය හදාරන විද්‍යාර්ථියෝ ද සහභාගී වූහ.