![]() |
Media Unit
University of Kelaniya |
In order to view this page you need Flash Player 9+ support!
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ දොළොස්වන වාර්ෂික පර්යේෂණ පරිසංවාදය (12th Annual Research Symposium) 2011 නොවැම්බර් මස 03 සහ 04 දෙදින පුරා කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය 2011.11.03 දින පෙ.ව. 8.00 ට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ශ‍්‍රී ලංකාභිමානී සී.ජී. වීරමන්ත‍්‍රී මහතා සහභාගි වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය මැණික් ගුණසේකර ඇතුළු සියලූම පීඨාධිපතිවරු, අංශප‍්‍රධානවරු, ආයතන අධ්‍යක්ෂවරු හා සියලූම අධ්‍යයන කාර්යය මණ්ඩල භවතුන් සහභාගී වීමට නියමිතය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරනු ලබන ‘‘සමස්ත ලංකා ප‍්‍රශ්න විචාරාත්මක තරඟාවලිය 2011’’ ඔක්තෝබර් 11, 12 සහ 13 යන දිනයන් හි දී පැවැත්වේ.
වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ලංකාවේ පාසල් 50ක් පමණ සහභාගි වීමට නියමිතය.
ඔක්තෝබර් 11 සහ 12 දිනයන් හි දී පැවැත්වෙන මුල්වටයේ තරඟ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨ පරිශ‍්‍රයේ පැවැත්වෙන අතර අවසාන මහා තරඟය 2011 ඔක්තෝබර් 13 දින කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ දී පෙ.ව. 9.00 සිට ආරම්භ කෙරේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා සහ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සුජීව මුදලිගේ යන මහත්වරුන් මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වේ.

සමස්ත ලෝකවාසීන් කම්පනයට පත් කරමින් 2011 මාර්තු 11 දින ජපානය මීටර් 10ක සුනාමි භූමිකම්පනයකට ගොදුරු විය. මෙයින් ජපානයේ මිලියන 50කගේ පමණ ජන ජීවිතය විනාශ වූ අතර 15,300ක් පමණ මරණයකට පත් විය.
ලොවම සසල කළ මේ සුනාමි ව්‍යසනය සමයේ ජපානයේ වාසය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායකයන් විසින් සිය අත්දැකීම් ආශ‍්‍රයෙන් ඉදිරිපත් කරනු ලබන "SASALA" ඡායාරූප ප‍්‍රදර්ශනය 2011 ඔක්තෝබර් 14 සවස 6.00ට ලයනල් වෙන්ටඞ් කලාගාරයේ දී ආරම්භ වේ. මෙම ප‍්‍රදර්ශනය ඔක්තෝබර් 15 සහ 16 යන දිනයන් හි දී ද පෙ.ව. 10.00 සිට පස්වරු 7.30 දක්වා මහජන ප‍්‍රදර්ශනයට විවෘතය.
විමසීම් : සුජානි - 0777-377785
මහේෂ් - 0716-021502

කැලණිය විශ්වවිද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා රංග කලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ ප‍්‍රතිබිම්බ කලා ශාස්ත‍්‍රවේදී (විශේෂ) අවසන් වසර විද්‍යාර්ථීන් වාර්ෂිකව පවත්වනු ලබන ‘‘උපනෙත’’ ඡායාරූප ප‍්‍රදර්ශනය සහ කෙටි චිත‍්‍රපට උළෙල මෙවරත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඔක්තෝබර් 05, 06 සහ 07 යන දිනයන් හි කැලණිය විශ්වවිද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩාගාරයේ දී පැවැත්වෙන උපනෙත කලා උළෙලේ සමාරම්භක උත්සවය උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 05 වන දින උදෑසන 10.00 ට විවෘත වේ. ජාත්‍යන්තර සම්මානලාභී ආචාර්ය මාලනී ෆොන්සේකා, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ස.ණ.ස සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය, සම්මානලාභී සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ යන විද්වත්හු මෙහි සෙසු සම්භාවනීය ආරාධිතයෝ වෙති.
විමසීම් - 071-3553359 (මහේෂ්)
Page 1 of 2