OneUoK      Students      Faculty & Staff      Alumni      info@kln.ac.lk      +9411 2 903 903     Search
Image
නේවාසිකාගාර පහසුකම් ලබාදීම
2020/2021 අධ්‍යයන වර්ෂය
* පහත ඇති සියලුම උපදෙස් කියවීමෙන් පසු පමණක් අයදුම්පත පිරවීම සිදු කලයුතු අතර අයදුම්පත පිරවිය හැකිවන්නේ එකවරක් පමණි. කිසිදු හේතුවක් මත නැවත වෙනස් කිරීමට නොහැක.

*පහත දැක්වෙන ශිෂ්‍ය කණ්ඩායම් සඳහා මෙම පණිවිඩය අදාළ නොවේ

නවක සිසුන් (මෙම වසරේ ඇතුලත්වන)
සිවුවන වසර මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ සිසුන්
වෛද්‍ය පීඨයේ සියලුම සිසුන්

නේවාසිකාගාර පහසුකම් ඉල්ලුම් කිරීම සඳහා උපදෙස්


1. මෙම අයදුම්පත 2020/2021 නව අධ්‍යයන වර්ෂයට අදාළ වන අතර නේවාසික පහසුකම් ඉල්ලුම් කිරීම සඳහා මෙම අයදුම්පත සම්පූර්ණ කළ යුතු වේ. (මින් පෙර නේවාසිකාගාර පහසුකම් ඉල්ලුම් කිරිමට ඔබ විසින් යොමු කළ තොරතුරු ආදාළ නොවන අතර නව අධ්‍යයන වර්ෂය සඳහා තොරතුරු ලබා ගැනිමට මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇත.)

2. නේවාසික පහසුකම් ඉල්ලුම් කරන සිසුන් කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා 02ක් අවම වශයෙන් ලබා තිබිය යුතු අතර, එසේ නොමැති නම් නේවාසික පහසුකම් ඉල්ලුම් කළ නොහැකි කරුණාවෙන් සලකන්න.(නේවාසික පහසුකම් ඉල්ලුම් කිරීම සඳහා එන්නත්කරණ කාඩ්පතේ ඡායාරූපයක් උඩුගත (Upload) කළ යුතු වේ)

3. වාර්ෂික ආදායම සහ නිවසේ සිට විශ්වවිද්‍යාලයට ඇති දුර ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශිය ලේකම් විසින් සහතික කළ යුතු අතර, එම වාර්තාව සහ වෛද්‍ය හේතුන් මත නේවාසික පහසුකම් ඉල්ලුම් කරන්නේ නම් නිර්දේශිත වෛද්‍ය සහතිකය, සති දෙකක් ඇතුළත (2022.03.25) ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි, ශිෂ්‍යසේවා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, දළුගම, කැලණිය යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමු කළ යුතුය.

කලා පීඨයේ වර්තමාන තෙවැනි වසර සහ තාක්ෂණික පීඨයේ වර්තමාන පළමු වසර සිසුන් සඳහා ඉහත සහතිකයන් එවිමේ දිනය 2022.04.25 බව සලකන්න.

4. වාර්ෂික ආදායම සහ දුර සහතික කරන වාර්තාව විශ්වවිද්‍යාලයට ලැබෙන තෙක් නේවාසික පහසුකම් ලබාදිය නොහැකි බව කරුණාවෙන් සලකන්න

5. මෙම අයදුම්පත 2022.03.25 වන දින හෝ එදිනට පෙර සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

6. වැඩිදුර තොරතුරු විමසිම් සඳහා, දුරකථන අංකය 0112 903157
නේවාසිකාගාර අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්

1. මෙම අයදුම්පත පිරවීම සදහා ඔබගේ කැළණි ශිෂ්‍ය විද්‍යුත් ලිපිනය සහ මුරපදය අවශ්‍ය වේ.

2. මෙම අයදුම්පත පිරවීම සදහා Google Chrome Browser යොදාගැනීම වඩාත් සුදුසු වේ.

3. පහත ඇති අයදුම්පත පිරවීමේ  URL එක Copy කර Google Chrome Browser එකෙහි New Incognito Window විවෘත කර එහි Paste කරන්න.



4. ඉන්පසුව Microsoft ගිණුමකට ඇතුලත් වීමට අවශ්‍ය වන අතර එයට ඔබගේ කැළණි ශිෂ්‍ය විද්‍යුත් ලිපිනය (Example : priyanka-cm19000@stu.kln.ac.lk ) සහ මුරපදය ඇතුලත් කරන්න.


5. නව Microsoft ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය නොවන අතර ඔබගේ කැළණි ශිෂ්‍ය විද්‍යුත් ලිපිනය සහ මුරපදය යොදා ඇතුලත් විය හැක.


6. මෙම අයදුම්පත පිරවිය හැකිවන්නේ එකවරක් පමණි. නැවත වෙනස් කිරීමට නොහැක.

මාර්ගගත අයදුම්පත
https://forms.office.com/r/1vxfRDpsHT

අයදුම්පත මුද්‍රණය කර එවීමක් අවශ්‍ය නොවේ. වාර්ෂික ආදායම සහ වෛද්‍ය නිර්දේශ සහතික පමණක් පමණක් මුද්‍රණය කර එවිය යුතුය


7. ඔබට ඉහත URL විවෘත කිරීමට නොහැකිනම් එහි ගැටළුවක් තිබේද යන්න පරික්ෂ කිරීමට පහත URL එකට පිවිස ඔබගේ KelaniNetID (Example : priyanka-cm19000) සහ KelaniNetPassword යොදා බලන්න.

https://sspr.kln.ac.lk/Account

8. ගැටළුවක් ඇත්නම් පහත URL එකට පිවිස අපගේ ITHelpDesk  සහය ලබාගන්න.

https://ithelp.kln.ac.lk