background image of the ICT centre
there is a girl

ශිෂ්‍ය සංගම්

කැලණිය විශ්වවිද්‍යාලයේ බොහෝ ශිෂ්‍ය සංගම් පවතින අතර ඒවායින් සමහරක් වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය යටතේ ක්‍රියාත්මක වන Gavel club, Leo Club, Aiesec club, Rotract Club, Career Fair… යනාදිය වේ. විශ්වවිද්‍යාල සිසුන්ට මෙම සංගම් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කර ගත හැකි අතර එමඟින් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ පසු ඔවුන්ට හොඳ වෘත්තියක් ලබාගැනීමට එය මහඟු පිටුවහලක් වනු ඇත. Gavel සංගමය මඟින් එහි සාමාජිකයින්ගේ මහජන කථනය සහ නායකත්ව ගුණාංග වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක වෙයි. Aiesec සංගමය යනු එහි සාමාජිකයින්ගේ නායකත්ව හැකියාවන් ගවේෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මූලික කොට ක්‍රියාකරයි. Rotract Club සහ Leo Club මඟින් එම සංගම් සාමාජිකයන්ගේ සමාජ ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබා දෙයි. වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය යටතේ ඇති සංගම් හැරුණු විට සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විවිධ මධ්‍යස්ථාන යටතේ තවත් සංගම් ක්‍රියාත්මක වේ.

logo of gavel club
logo of LEO CLUB
Logo of LED
Logo of AIESEC
Image
Logo of Rotaract
they are playing

ක්‍රීඩා හා යෝග්‍යතාවය

කැලණිය විශ්වවිද්‍යාලයීය උපාධි අපේක්ෂකයින් සඳහා ක්‍රීඩා පහසුකම් රාශියක් ඇත. විශ්වවිද්‍යාලය විශාල එළිමහන් ක්‍රීඩා පිටි දෙකකින් සහ විශාල ගෘහස්ථ ව්‍යායාම ශාලා දෙකකින් සමන්විත වන අතර විවිධ වර්ගයේ ක්‍රීඩා සඳහා නවීන පහසුකම් ඇත. සියලුම ආකාරයේ ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිසුන් සඳහා පවතී. ක්‍රීඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයෙන් උපාධි අපේක්ෂකයන්ට ක්‍රීඩාව විෂයක් ලෙස අධ්‍යයනය කළ හැක.
A dancing team

කලාව සහ සංස්කෘතිය

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා බොහෝ කලා කටයුතු සංවිධානයකරනු ලබයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට සංගීතය, නැටුම්, ගායනය… වැනි විවිධ සහතික පත්‍ර පාඨමාලා මෙන්ම බොහෝ සංස්කෘතික සහ කලා සංදර්ශන, විනෝදාත්මක උත්සව සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

there is a building

ශිෂ්‍ය නවාතැන්

කැලණිය විශ්වවිද්‍යාලය දුර බැහැර හා අඩු ආදායම් ලාභී පවුල්වල උපාධි අපේක්ෂකයින්ට නවාතැන් පහසුකම් ලබා දෙයි. සිසුන්ට විශ්වවිද්‍යාලයේ රැඳී සිට අධ්‍යයන කටයුතු සිදුකිරීමට හැකි වන පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා නේවාසිකාගාර ගණනාවක්ම පවතී. මෙම නේවාසිකාගාරවල සිසුන්ට නොමිලේ ජලය, විදුලිය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. මෙම නේවාසිකාගාරවල පැය 24 පුරා සිසුන් සඳහා ආරක්ෂාව සපයයි.
kalana mithuru sewana board

ශිෂ්‍ය උපදේශනය

ශිෂ්‍ය උපදේශනය යනු කැලණිය විශ්වවිද්‍යාලයේ සෑම පීඨයකම ප්‍රධානත්වයක් දෙනු ලබන අංගයකි. සෑම පීඨයක් සඳහාම ශිෂ්‍ය උපදේශකයින් පත් කර ඇති අතර එමඟින් උපාධි අපේක්ෂකයින්ට හොඳ මානසික තත්වයක් යටතේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යාමට කටයුතු සලස්වා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා පත් කර ඇති ශිෂ්‍ය උපදේශකවරයා හමුවී ශිෂ්‍ය ගැටලු විසඳා ගත හැක. විශ්වවිද්‍යාලයේ “කලණ මිතුරු සෙවන” නමින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එමඟින් උපාධි අපේක්ෂකයින්ට උපදේශකයින් හමුවී සාකච්ඡා කර ශිෂ්‍ය ගැටළු විසඳා ගැනීමේ අවස්ථාව ඇත.