උපාධි අපේක්ෂකයින්ගේ ශාස්ත්‍රීය පරිසංවාදය 2016

නොවැම්බර් 2nd, 2016

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ උපාධි අපේක්ෂකයින්ගේ ශාස්ත්‍රීය පරිසංවාදය 2016 ඔක්තෝම්බර් මස 27 වැනි දින මහාචාර්ය කොටහේනේ ශ්‍රී ප්‍රඥා කීර්ති නාහිමි අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.

උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ශාස්ත්‍රීය පරිසංවාදයේ මුඛ්‍ය දේශනය සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතා විසින් පවත්වන ලදී.

මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පර්යේෂණ සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ජේ.එස් විජේරත්න මහතා, සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය නිමල් මල්ලවාරච්චි මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථීහු රැසක් සහභාගි වූහ.

සංවාද සැසි පහකින් සමන්විත වූ මෙම ශාස්ත්‍රීය පරිසංවාදයේදී ශාස්ත්‍රවේදී උපාධි හදාරන විද්‍යාර්ථීන් 55 දෙනෙකුගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කෙරිණ.