HR IMPRESSION 2017

සැප්තැම්බර් 8th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය මගින් අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මුහුණ දුන් සිසුන්ට වෘත්තීය මාර්ගෝපදේශනය සැපයීම සදහ සංවිධානය කරන ලද HR IMPRESSION 2017 වැඩසටහන 2017-09-08 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ ඒ.ටී.එච් සුනිල් ශාන්ත අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය නාරද ප්‍රනාන්දු, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඩී.යූ මොහාන්, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය අනුර කරුණාරත්න, වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චමරු ද අල්විස්, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ප්‍රධාන ශිෂ්‍ය උපදේශක ආචාර්ය කමල් තිලකසිර, අලෙවි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.කේ.වී.එල්.ඩබ්. කරුණාතිලක, ඊ.සී. කෝපරේෂන් ආයතනයේ සාමාන්‍යාධිකාරී හේෂාන් කරුණාරත්න, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරිණී සන්ධ්‍යා ප්‍රනාන්දු, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කිරිබත්ගොඩ ශාඛාවේ ශාඛා කළමණාකරු ඩෙනිස් ඔලබොදුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී එම්.ටී.ඒ.ජේ.එෆ්. ගෝමිස්, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය, 2017 අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ AHEAD ශිෂ්‍ය සංගමයේ විද්‍යාර්ථීන් රැසක් සහභාගී වූහ.